කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්ය පර්යේෂණ කණ්ඩායම: ලැන්සෙට් කොමිෂන් සභාව සමඟ හවුල්කාරිත්වයෙන් බර්මින්හැම් විශ්වවිද්යාලය සහ කේප් ටවුන් විශ්වවිද්යාලය එක්ව ක්රියාත්මක කරන ව්යාපෘතිය.
කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්ය පර්යේෂණ කණ්ඩායම (VAWG) යනු කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට බලපාන ප්රචණ්ඩත්වය වැළැක්වීම සහ එයට ප්රතිචාර දැක්වීම සඳහා අවශ්ය සාක්ෂි හා ක්රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගත් ජාත්යන්තර පර්යේෂණ හා සහයෝගීතා වැඩසටහනකි. බර්මින්හැම් විශ්වවිද්යාලය සහ කේප් ටවුන් විශ්වවිද්යාලය විසින් ලැන්සෙට් කොමිෂන් සභාව සමඟ හවුල්කාරිත්වයෙන් මෙහෙයවනු ලබන මෙම ව්යාපෘතිය සඳහා, අඩු හා මධ්යම ආදායම් ලබන රටවල අධ්යයන සහ මහජන සෞඛ්ය ආයතන ද සහභාගී වේ. මෙම ව්යාපෘතිය මඟින් ප්රචණ්ඩත්වය මහජන සෞඛ්යය, සමාජීය යහපැවැත්ම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් තීරණාත්මක ගැටලුවක් ලෙස සලකා කටයුතු කරනු ලබයි.
ඵලදායී වැළැක්වීමේ උපායමාර්ග සඳහා මඟ පෙන්වන, උසස් තත්ත්වයේ සහ දේශීය සන්දර්භයන්ට ගැළපෙන පර්යේෂණ සිදු කිරීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණයි. එමඟින් පද්ධති සහ සේවාවන් ශක්තිමත් කිරීම මෙන්ම ප්රචණ්ඩත්වයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් කේන්ද්ර කරගත් ප්රතිචාර ක්රියාමාර්ග සඳහා සහාය ලබා දීම ද අපේක්ෂා කෙරේ. ප්රතිපත්ති සම්පාදකයන්, ක්ෂේත්රයේ වෘත්තිකයන්, සිවිල් සමාජ සංවිධාන සහ ප්රජාවන් සමඟ සමීපව කටයුතු කිරීම තුළින්, වැඩිදියුණු කළ ප්රතිපත්ති හා ක්රියාපටිපාටි, ඉහළ නැංවූ දැනුවත්භාවය සහ වගවීම, මෙන්ම සම්බන්ධීකරණය කළ ජාතික මට්ටමේ ක්රියාමාර්ග ප්රවර්ධනය කිරීමට මෙම වැඩසටහන දායක වේ. අවසානයේදී, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට වඩාත් ආරක්ෂිත ප්රජාවන් ගොඩනැඟීම, ස්ත්රී පුරුෂ සමානාත්මතාව ප්රවර්ධනය කිරීම සහ දිගුකාලීන සමාජීය යහපැවැත්ම තහවුරු කිරීම මෙම ව්යාපෘතියේ අරමුණ වේ.