

NIHR කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ ගෝලීය පර්යේෂණ ව්‍යාපෘතියේ දෙවන ජාතික පාර්ශ්වකරුවන්ගේ රැස්වීම 2025 දෙසැම්බර් 15 වන දින කොළඹ රේණුකා හෝටලයේදී පැවැත්විණි. මෙම රැස්වීමට ශාස්ත්‍රීය ක්ෂේත්රය, සිවිල් සමාජය සහ සේවා අංශ නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්වූ අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් කේන්ද්‍ර කරගත් ප්රවේශයන් ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික හා සදාචාරාත්මක අදහස් හා යෝජනා ලබා දීම මෙහි අරමුණ විය. විශේෂයෙන්ම, දිවි ගලවා ගත් පුද්ගලයන්ගේ උපදේශක මණ්ඩල (Survivor Panels) පිහිටුවීම සහ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. මෙහිදී පැවැත්වූ සාකච්ඡාවලින් ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාත්මක කිරීමේ අදියර සඳහා මඟපෙන්වනු ලබන වටිනා අදහස් හා උපදෙස් රැසක් ලබා ගැනීමට හැකි විය.
